About the Author | පැටිකිරිය

මා බ්ලොග්කරුවෙකු බව හැර වෙනත් කිසිවක් කියන්නට මා අදහස් නොකරමි. ඇත්තෙන්ම කිවහොත් එසේ කරන්නට මට උවමනාවක් නැත. මන්දයත්, මා අපේක්ෂා කරන්නේ මගේ අදහස් ඉදිරිපත් කිරිමට විනා මා ගැන පම්පෝරි ගැසීමට නොවන බැවිනි. කෙසේ වෙතත් මා දේශපාලනික සහ සාමාජයීය කරුණු සම්බන්ධයෙන් මධ්‍යස්ථ මතයක් දරණ (හෝ අවම වශයෙන් එසේ කිරීමට උත්සාහ ගන්නා ) අයෙකු ලෙස දැන හැඳින ගැනීම සෑහේ.

අනෙක් අතට අද කවුරුත් පාහේ පුරුදුව සිටින්නේ ඇඟිල්ල දිගු කර යමක් පෙන්වූ විට එය දෙස බලන්නට නොව ඇඟිල්ල දෙස බැලීමට වන හෙයින් (මගේ පලවන පෝස්ටයේද කියා ඇති ලෙස ) මා ගැන විස්තර කීම අනවශ්‍ය දෙයක් සැලකීමෙහි වරදක් නැතැයි සිතමි.

කිසියම් කරුණක් සම්බන්ධයෙන් ඔබට මා හට පෞද්ගලිකව ලිවීමට අවශ්‍ය යැයි හැඟේ නම් ඒ සඳහා මගේ ඊමේල් ලිපිනය (firebug9999@gmail.com) ඕනෑම අවස්ථාවක විවෘතව පවතී.